වට්ස්ඇප් ස්ටේටස් ආතල්
වට්ස් ඇප් ඉන්න ඕනෙම කෙනෙක් දන්නවනේ වට්ස් ඇප් ස්ටේටස් ගැන. ඉතින් මේ ස්ටේටස් ෆීචර් එක තියෙන්නේ තමන්ගේ එදිනෙදා විශේෂ අවස්ථාවන් තමන්ගේ යාළුවොත් එක්ක බෙදා හදාගන්නයි. පැය 24කට පස්සේ ඒ දාන දේවල් ස්වයංක්‍රීයව ඉවත් වෙනවා.
අපේ කට්ටිය ඉතිං ඕකෙනුත් ආතල් ගන්නවා. සමහර ආතල් වල ආතල් එක තේරෙන්නෙත් නෑ. සමහර ආතල් නම් දාන එකාටත් ආතල් බලන් ඉන්න උන්ටත් ආතල්. සමහර ආතල් දාන එකා සිරා පිට දාන ඒවා, හැබැයි අපිට ආතල්.
1. ඩෙයාර්ස්
සාමාන්යෙන් නිතරම දකින්න ලැබෙන ආතල් එකක් තමයි ඩෙයාර්ස් වලින් ආතල් ගැනීම. 'පුළුවන් නම් කරපිය මේක' කියන එක ටිකක් නිර්මාණාත්මකව සඳහන් කරලා, මොකාක් හරි බහුබූතයක් එවන එක තමයි ඕවයින් කෙරෙන්නෙ.
උදා: ඔබ මගේ යාළුවෙක්නම් පෙරේදා රෑට කෑ ආහාරය නම් කර ස්ටේටස් එකක් දමන්න.
ඩෙයාර්ස් එවන උන්ට සහ කරන උන්ට එය ආතල්ය. සමහර වෙලාවට බලන් සිටින අයටද ආතල් ය. දමන ලද ස්ටේටස් එකක් ඩෙයාර් එකක් යැයි තේරුම් ගැනීමට බැරි වීම නම් අප්සට් ය, හැබැයි දාපු එකාට ආතල් ය. මේකනම් ඩෙයාර් එකක් යැයි තේරුම් ගත් විට ආතල් කුඩුය.
2. කෑම ස්ටේටස්
කොහේ හෝ ලොකු තැනකට ගොස් ලොකු ලොකු කෑම කන අය, තමන් කන කෑම ලෝකෙට පෙන්වීමට හරි කැමති ය. කෑම දැක නැති මිනිසුන්ට ඒවා "සා වෑව් ය". කෑම දැක ඇති අයට විහිළුය. සමහරු තමන් ලොකු බව පෙන්වීමට ද, සමහරු පුරුද්දට ද, සමහරු ස්ටේටස් බලනවුන් ඇවිස්සීමට ද මෙසේ ස්ටේටස් දමයි. කෙසේ නමුත් ඒ ඔවුන්ගේ ආතල් එකය.
3. වලි ස්ටේටස්
එදා මෙදා තුර සෝශල් මීඩියා වල කුජීතම පබ්ලික් පෝස්ට්ස් වර්ගය මෙයයි. ඇනුම්පද කීමෙහි සයිබර් ගත විකාශණය වන්නේද මෙයයි. සරලවම මෙහිදී වන්නේ ස්ටේටස් දමාගෙන ප්‍රසිද්ධියේ බැන ගැනීමයි. ස්ටේටස් දැමීමෙදී කාගේවත් නම් සඳහන් කිරීමක් වන්නේත් නැත. සමහරු ප්‍රයිවට් චැට් එකේ හොඳින් චැට් කරමින් සිටිනා අතරම හනික ගොස් වලි ස්ටේටස් එකක් දමයි. කෙලින් කතා කර ප්‍රශ්නයක් විසඳාගත නොහැකි අයගේ අවිය මෙයයි. සමහර අය මෙය 'ඇග බේරාගෙන කිව යුතු දේ කීම' යනුවෙන්ද හඳුන්වයි. සමහර විටෙක මෙසේ දාන වලි ස්ටේටස් දිහා අප 'මේ මොන එකක්දැයි' කියා බලන්නේ තේරුම් ගත නොහැකිවය. වලියේ දෙපාර්ශවයම කන්ටෑක්ට්ස් ලිස්ට් එකේ ඉන්න විටකදීනම් ඔන්න ආතල්ය.
4. ලව් ස්ටේටස්
මේ ලිපිය ලියන මට පෙම්වතියක් සිටියේනම් මං ඇයට නිතරම වාගේ ආදරේ යැයි පවසන්නෙමි. නමුත් මා ඇයට ආදරේ බව නිතර නිතර රටේ ලෝකේ මිනිසුන්ට කියන්නට යන එකක් නැත. එවන් ජීවියෙකු වන මා හට සමහර මිනිසුන්ගේ ආදර ස්ටේටස් තේරුම් ගත නොහැක. එවන් අය "අයි ලව් යූ" යැයි වට්ස් ඇප් ස්ටේටස් දමයි. ඒවා දකින අප කලබල වෙයි. පස්සේ බැලින්නම් ඒක දමා තිබෙන්නේ උගේ/ඒකිගෙ කොල්ලට/කෙල්ලට පේන්න ය. තමන්ගේ කොක්ක සමඟ චැට් කරනා විට හෝ හම්බුනු විටකදී කිව යුතු දේවල් මෙසේ ප්‍රසිද්ධියේ දැමීමේ අරමුණ තවමත් විසඳා ගත නොහැකි ගැටළුවකි. සමහර විට ඔවුන් ඒ ලෝකෙට පෙන්නන්නේ "අනේ මේ බලන්නකෝ මෙන්න මෙහෙමයි මෙයා මං ලව් කරන්නේ... වෑව් කියන්න ෆෙන්ස්" වැනි දෙයක් විය හැකිය. කෙසේ නමුත් ඒක ඔවුන්ගේ ආතල් එක ය. ඒ ආතල් එක අප ඉවසා දරා ගත යුතුය.
5. ඉලව් ස්ටේටස්
මෙයත් සාමන්‍යයෙන් නිතර දකින්නට ලැබෙන ස්ටේටස් වර්ගයකි. සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයෙකුට දුකක් දැණුනු විට එය බෙදාගැනීම ඔවුනට සහනයකි. නමුත් යම් අයෙකු වේදනාවෙන් දැමූ ස්ටේටස් එකකට රිප්ලයි කළ පසු ඔවුන් " නෑ නිකං දැම්මේ අවුලක් නෑ" යැයි කීම හෙනම අප්සට්ය. දෛනික චාරිත්‍රයක් ලෙස විරහා ස්ටේටස් දැමීම ඊටත් වඩා අප්සට් ය.
කෙසේ නමුත් තමන්ගේ වේදනා අන් අයගෙන් සඟවාගෙනම සිටීම අද කාලයේ හැටියට වඩාත් ගැළපෙන්නේය.
6. පොකුරු ස්ටේටස්
ඩේටා කන කෘමීන් කොට්ඨාශයකි. තියෙන සබ්බ සකල මනාවම ස්ටේටස් දමයි. දමනා දහසකුත් එකක් ස්ටේටස් අතරේ අපට අදාල එක ස්ටේටස් එකක් පමණ තිබෙයි. විටෙක ඒකද නැත. කෙසේ නමුත් ඔවුන්ගේ ආතල් එකට අප ගරුකොට ඉවසිය යුතුය.
7. අහේතුක ස්ටේටස්
කිසිම හේතුවක් නැතුව එෆ්බී එකෙන් බා ගත් ෆොටෝ එකක් ස්ටේටස් දැමීමයි. හේතුවක් නැතුවම නොව,බොහෝ විට ඒවා හාස්‍යය උපදවයි. ස්ටේටස් යනුවෙන් ෆීචර් එකක් තිබෙන නිසා නිකමට එය භාවිතා කිරීම අහේතුක ස්ටේටස් ය.
එකී මෙකී නොකී ආතල් සියල්ල අප ඉවසා දරා ගත යුතුය. ඉවසන්නම බැරි විටකදී ඕනනම් මියුට් කර දැමිය හැකිය. කාගෙ කාගෙත් ආතල් වලට ඉඩ දී අප ආතල් එකේ සිටිය යුතුය. ආතල් කැඩීම මහා පරිමාණයේ අපරාධයක් ය.
Ay bola pewathiyak inne 😂😂😂
ReplyDeleteඉන්නවනම් කොහෙන්ද බ්ලොග් ලියන්න වෙලාවක් 😌😌
Delete