Posts

Featured Post

ගැමුණු හේවායා - කෙටි කතාව

Image
ගැමුණු හේවායා Image Courtesy : wikipedia.org කාවන්තිස්ස රජතුමන්ගේ අභාවප්‍රාප්ත වීමෙන් මුළු රුහුණු දේශයම කැළඹී ගියේය. සියලු දෙන ඒ උතුම්, තැන්පත් මහා පෞරුෂය වෙනුවෙන් කඳුළු සැලූහ. අතරින් පතර කතා බහට ලක් වුයේ කාවන්තිස්ස රජතුමන්ගෙන් පසුව රජ කිරුළ පළන්දන්නේ දුෂ්ඨ ගාමිණී කුමරුවන්ටද නැතහොත් තිස්ස කුමරුවන්ටද කියා ය. තම රට ජාතිය වෙනුවෙන් යුධ වැදීම පිළිබඳව පියතුමන් සමග වාද කර උරණ වූ ගැමුණු කුමරුන්ව බොහෝ දෙනා දුටුවේ නිර්භීත කුමරෙකු ලෙසටයි. කෝප වූ පිය රජතුමන්ගේ දඬුවමට බිය වූ ගැමුණු කුමරු ඒ වන විටත් සැඟවී අප්‍රසිද්ධියේ සිටියේය. තම පියාණන්ට පවා දුෂ්ඨ වූ කොලු ගැටයෙකු කෙසේ නම් රටක් පාලනය කරන්නදැ’යි සිතා තිස්ස කුමරුවන්ට වැඩි මනාපයක් දැක්වූ පිරිස්ද නොසිටියා නොවේ. අවමංගල්‍යය දින රාත්‍රියේ විහාර දේවීන් වහන්සේ නන්දිමිත්‍ර සෙනෙවිතුමන්ව රහසේම හමු වූවාය. “නන්දිමිත්‍ර, මේ තමා කාලය. යන්න... ගිහින් ඔහු කැඳවාගෙන එන්න. ” තම ළය පිරෙන්නට පුරවා ගත් වාතයෙන් සුසුම් හෙලූ සෙනෙවිතුමන් මද සිනා පා දේවින් වහන්සේ වැඳ නික්ම ගියේය. ••• මඩුවේ බැඳ ඇති ගවයා දකින සෑම විටකම හබතාට තමන් යලෙත් මහෙත් කුඹුරු කළ

පරාජය - කෙටි කතාව

Image
මේ පුණ්‍ය භූමියෙහි ත්‍රස්තවාදය වපුරවාලූ ම්ලේච්චයින්ව මේ බිමෙන් අතුගා දැමු රාජ්‍යය නායකයින්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන්, ඔවුන්ගේ පවුලේ අය යන සියලුම දෙනාට මාගේ ස්තුතිය!

දෝලනය - කෙටි කතාව

Image

පෙම්බර උදෑසන

Image
Image Courtesy - www.wikipedia.org හිටපියව් විහඟුනේ! ගී නොගයා එක දිනක්... නවතින්න පින්න එපා පොළවට වැටෙන්න... මීහිදුම් සේල එපා වැතිරෙන්නට! සිසිල සැඟවී යන්න.. එපා මල් පූදින්න ඉවසන්න එක දිනක්... තාලයට වැනෙන රුක් ගොමුව නවතින්න! නුඹ මවන හැම අළුයම පෙම්බරයි... ඇබ්බැහි වෙයි මං..!

ලොව විශාලතම සාගර දූශකයින් අතරින් 5වෙනි තැන ශ්‍රී ලංකාව.

Image

හදවත නැවතුණු මොහොතක් - කෙටි කතාව

Image
චලනි තම රැකියාව අවසන් කොට නිවස බලා යාමට බස් රථයකට ගොඩ වූවාය. පාසලේ ගුරුවරුන් දෙදෙනෙක්ම නිවාඩු ලබාගෙන තිබූ බැවින් ඇයට අද කාලච්ඡේද අටම ඉගැන්වීමෙහි නිරත වීමට සිදු විය. මුරණ්ඩු කොලු ගැටයින් මෙල්ල කිරීමට විටෙක උගුර ලේ රහ වනතුරු කෑ ගසන්නට සිදු වුවත් ඇය තමන් උගන්වන දෙය අසා සිටින, ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ලබාදෙන දරුවන් දෙස බලා සතුටු වූවාය. පාසල නිම වීමෙන් පසු ඇය හැකි ඉක්මනින් තම නිවස බලා ගමන් ගන්නේ තම දරු දෙදෙනා තුරුලට ගැනීමට නොඉවසිල්ලෙනි. ඉහින් කනින් දහඩිය පෙරාගෙන නිවසට ඇතුළු වූ චලනිගේ විඩාව ක්ෂණයකින් පහව ගියේ ඉදිරියට දිව ආ තම සිඟිති දියණිය දැකීමෙනි. බෑගය ගලවා පසෙකින් තැබූ ඇය තම දියණිය වඩාගෙන සිපගත්තාය. “අන්න පුතාට කතන්දර පොතක් ගෙනාව ගිහින් ගන්න.  බෑග් එකේ ඇති” එසැණින් දිව ගොස් බෑගයේ තිබූ කතා පොත ගෙන එතැනම බිම වාඩි වී කියවන්නට ගත් තම දියණිය දෙස බලා චලනි සිනා පෑවාය. “ඔන්න බලන්න පුතා තාම දවල්ට කෑවේ නෑනේ. එයාට ඉතින් අපි කෑම කවලා හරියන්නේ නෑ අම්මම ඉන්න ඕනේ.” චලනිගේ මව පවසන්නට විය. උදයේම චලනිත් ඇගේ සැමියාත් රැකියාවට ගිය පසු කුඩා දරුවන් දෙදෙනා රැකවරණය ලබන්නේ තම ආච්චි හා සීයා

අග හිඟ කමින් පිරි පුංචි ජීවිත

Image
දෙනෙත් පියවිලි කදුළු වැස්සෙන් නැහැවිලා නෙත් තෙත් වෙලා සිප්සලට යන ළමා ළපටින්  දෙස බලා සුසුමක් හෙලා උදේ හිස්බඩ-දවල් කෑමට අහර ඩිංගිත්තක් සොයා සිගිති පොඩි අත්... ...වැඩබිමේ මහා මිනිසුන් ලෙසින් ගල් අදියි අත් උදව් දෙයි තවත් ගෙදරක වළන් පිඟනුත් සෝදා දමයි - ගෙය අස් කරයි පාපකාරී නොමිනිසුන්ගේ රුදුරු කැත සිත සැනසවෙයි අග හිඟ කමින් පිරි පුංචි ජීවිත වැනසෙන්න ගෙන හමාරයි... ...ඔවුන් පහනක් අතින් ගෙන දල්වාගෙන එළිය දෙන්නට ගිනි පුලිඟු සොයන්නේ රාග - දෝස - මෝහ ගින්නෙන් දැවී අළුවෙන ලෝකයේමය..!

පතාගෙන එන කපටියා

Image
මීට පෙර පළවුනු blog post එකේ වූයේ 2015 වසරේදී මා ලියූ කෙටි කතාවකි. එම කෙටි කතාවට පාදක වූයේ මා අත්විඳි 100% සත්‍ය සිදුවීම් කිහිපයකි.    මෙම ලිපිය කියවීමට පෙර අනිවාර්යයෙන් කපටියා - කෙටි කතාව කියවන්න  එම කෙටි කතාවෙහි වූ "කපටියා" 138 බස් මාර්ගයේදි මගේ මිතුරන් කිහිප දෙනෙකුටද මුණ ගැසී තිබුණි. නමුත් එම පුද්ගලයා පාදක කර ගනිමින් කෙටි කතාවක් ලියන්නට තරම් සිතුණේ ඔහුව ඒ වන විට මට තුන් වරක් මුණ ගැසී තිබූ නිසාවෙනි. දැන් මා ඔහුව හඳුන්වන්නේ "පතාගෙන එන කපටියා" යනුවෙනි. ඊට හේතුව දන්නවානම් ඔබ පුදුමයට පත් වේවි. එම පුද්ගලයාම 2015 වසරෙන් පසුව, නැවතත් දෙවතාවක් මට මුණ ගැසුණේය. මේ සිදුවීම් දාමය මා මිතුරෙකුට කී විට ඔහු පැවසූයේ මේ නම් සංසාරයේ පතාගෙනම මා ගෙන් සල්ලි ඉල්ලා ගැනීමට එන කපටියෙකු බවයි.  ජීවිතේ හතරවැනි වරටත් මට ඔහුව මුණ ගැසුණේ මහරගමදී ය. මගේ මවත් සමඟින් පාරේ ඇවිද සිටින අතරේ ඔහු ඇවිත් සුපුරුදු කතාව පවසන්නට පටන් ගත්තේය. අතින් කටින් බඩු එල්ලාගෙන කාෂ්ඨක අව්වේ ඇවිදිමින් සිටි මට ඒ වෙලාවේ නැගුනේ කේන්තියකි. එදින මා ඔහුට සවන් නොදී දිගටම ඇවිද ගියෙමි.  පස් වෙනි වරට ඔහුව හමු වූය