Posts

Showing posts from April, 2018

අග හිඟ කමින් පිරි පුංචි ජීවිත

Image
දෙනෙත් පියවිලි කදුළු වැස්සෙන් නැහැවිලා නෙත් තෙත් වෙලා සිප්සලට යන ළමා ළපටින්  දෙස බලා සුසුමක් හෙලා උදේ හිස්බඩ-දවල් කෑමට අහර ඩිංගිත්තක් සොයා සිගිති පොඩි අත්... ...වැඩබිමේ මහා මිනිසුන් ලෙසින් ගල් අදියි අත් උදව් දෙයි තවත් ගෙදරක වළන් පිඟනුත් සෝදා දමයි - ගෙය අස් කරයි පාපකාරී නොමිනිසුන්ගේ රුදුරු කැත සිත සැනසවෙයි අග හිඟ කමින් පිරි පුංචි ජීවිත වැනසෙන්න ගෙන හමාරයි... ...ඔවුන් පහනක් අතින් ගෙන දල්වාගෙන එළිය දෙන්නට ගිනි පුලිඟු සොයන්නේ රාග - දෝස - මෝහ ගින්නෙන් දැවී අළුවෙන ලෝකයේමය..!

පතාගෙන එන කපටියා

Image
මීට පෙර පළවුනු blog post එකේ වූයේ 2015 වසරේදී මා ලියූ කෙටි කතාවකි. එම කෙටි කතාවට පාදක වූයේ මා අත්විඳි 100% සත්‍ය සිදුවීම් කිහිපයකි.    මෙම ලිපිය කියවීමට පෙර අනිවාර්යයෙන් කපටියා - කෙටි කතාව කියවන්න  එම කෙටි කතාවෙහි වූ "කපටියා" 138 බස් මාර්ගයේදි මගේ මිතුරන් කිහිප දෙනෙකුටද මුණ ගැසී තිබුණි. නමුත් එම පුද්ගලයා පාදක කර ගනිමින් කෙටි කතාවක් ලියන්නට තරම් සිතුණේ ඔහුව ඒ වන විට මට තුන් වරක් මුණ ගැසී තිබූ නිසාවෙනි. දැන් මා ඔහුව හඳුන්වන්නේ "පතාගෙන එන කපටියා" යනුවෙනි. ඊට හේතුව දන්නවානම් ඔබ පුදුමයට පත් වේවි. එම පුද්ගලයාම 2015 වසරෙන් පසුව, නැවතත් දෙවතාවක් මට මුණ ගැසුණේය. මේ සිදුවීම් දාමය මා මිතුරෙකුට කී විට ඔහු පැවසූයේ මේ නම් සංසාරයේ පතාගෙනම මා ගෙන් සල්ලි ඉල්ලා ගැනීමට එන කපටියෙකු බවයි.  ජීවිතේ හතරවැනි වරටත් මට ඔහුව මුණ ගැසුණේ මහරගමදී ය. මගේ මවත් සමඟින් පාරේ ඇවිද සිටින අතරේ ඔහු ඇවිත් සුපුරුදු කතාව පවසන්නට පටන් ගත්තේය. අතින් කටින් බඩු එල්ලාගෙන කාෂ්ඨක අව්වේ ඇවිදිමින් සිටි මට ඒ වෙලාවේ නැගුනේ කේන්තියකි. එදින මා ඔහුට සවන් නොදී දිගටම ඇවිද ගියෙමි.  පස් වෙනි වරට ඔහුව හමු වූය

කපටියා - කෙටි කතාව

Image
“අම්මේ.. මං කැෆේ එකට් යනවා.” දොරවසා දමමින් මම ගේට්ටුව දෙසට ඇවිද ගියෙමි. ‘වැඩි වෙලා ගන්නේ නැතුව එන්න’ අම්මා ගෙතුළ සිට හඬ නගනවා ඇසිණි. පාසලෙන් දුන් පැවරුමකට කරුණු සෙවීමට මට අන්තර්ජාලය භාවිතා කිරීමට සිදු වී තිබුණි. නිවසේ අන්තර්ජාල පහසුකම් තබා පරිගණකයක්වත් නොතිබුණු බැවින් මට ඒ සඳහා ‘නෙට් කැෆේ’ වෙත යාමට සිදු විය. වෙලාව සවස පහ පමණ වී තිබුණු නිසා සිය රැකියා අවසන් කොට නිවෙස් බලා යන සෙනඟින් මං මාවත් පිරී තිබිණි. පාරේ වාහන සංඛ්‍යාව වැඩි නිසාම තදබදය ද තදින්ම තිබිණි. ‘දැන් පැමිණි දුම්රිය’   වෙත කඟවේනුන් සේ දිවයන මිනිසුන්ගෙන් බේරී මම වඩාත් කාර්යබහුල ප්‍රධාන පාරකට පිවිසියෙමි. නගරයේ වූ කලබලකාරී, කාර්යබහුල වටපිටාවට මා බෙහෙවින් අකමැති වූවද එහි ගැවසෙන විවිධාකාර මිනිසුන් නිරීක්ෂණය කීරීමට, ඒ අතරින් ඇවිද යාමට මම ආශා කළෙමි. “මල්ලි.. මල්ලි..” පිටුපසින් ඇසුණු හඬ නිසා මම නැවතී පිටුපස බැලුවෙමි. අවුරුදු තිහකට නොවැඩි වයසක වූ පුද්ගලයෙකු මා පිටුපසින් විය. අළු පැහැති ටි ශර්ට් එකකිනුත් , ඩෙනිම් කලිසමකිනුත් සැරසී උන්   ඔහු හිස් වැසුමක් ද පැළඳගෙන සිටියේය. “මල්ලි මේ පාරෙන් අවිස්සාවේල්ල පැත්තට

සුභ අලුත් අවුරුද්දක් වේවා!

Image

Source Code චිත්‍රපටය

Image
මේක ටිකක් පරණ චිත්‍රපටයක්. හැබැයි සිය ප්‍රේක්ශකයින් තුළ මේ චිත්‍රපටය මඟින් ඇති කළ පුදුමය අදටත් ඔවුන් තුළ රැඳී තිබෙනවා. එක්තරා හමුදා නිලධාරියෙකු හිටි හැටියේ දුම්රි මඟියෙකු ලෙස අවදි වෙනවා. ටික වෙලාවකින් ඔහුට තේරුම් යනවා තමන් සිටින්නේ තමන්ගේ නොව වෙනත් අයෙකුගේ ශරීරය තුළ බව. ඉතිං ඔහු ව්‍යාකූල බවකට පත් වනවා තමන්ට සිද්ධ වී ඇති දෙය ගැන. ටික වෙලාවකට පසුව ඔහු සිටි දුම්රිය බෝම්බ ප්‍රහාරයකින් පුපුරා යනවා. ඉන් අනතුරුව ඔහු අවදිවන්නේ යම් කුටියක ඇති යන්ත්‍රයකට සම්බන්ධ කළ තම ශරීරය තුළදියි. පරිගණක තිරයක් මත ඔහුට දක්නට ලැබෙනවා යම්කිසි හමුදා නිලධාරිනියක ඔහුව පාලනය කරනවා. චිත්‍රපටයේ යම්කිසි කාල සීමාවකට පසුව සිදු වන දෙය පිළිබඳව ප්‍රේක්ශකයාට අවබෝධ වනවා. ඒ අනුව අපට දක්නට ලැබෙන හමුදා නිලධාරියා ඒ වන විට මිය ගොසින් මාස දෙකකුත් ගත වෙලා. හමුදාවේ එක්තරා කණ්ඩායමක් විද්‍යාත්මක පර්‍යේශණයක් හරහා එම නිලධාරියා යන්ත්‍රයකට සම්බන්ධ කොට ජීවත් කරවනවා. මෙහි ඇති සුවිශේෂ බව වන්නේ, එම යන්ත්‍රය තුළ ජීවත් වන නිලධාරියාට, වෙනත් පුද්ගලයෙකු මිය යෑමට මත්තෙන් ගත කළ අවසන් මිනිත්තු 8ට මාරුවීමේ හැකියාවක් ලැබෙනවා. මෙම විද්‍යාත්මක

The Commuter චිත්‍රපටය

Image
The Commuter චිත්‍රපටය මේ අවුරුද්දේ තිරගත වුණු අමුතුම කතාවක් රැගත් චිත්‍රපටයකි The Commuter. දිනපතා දුම්රියෙන් රැකියාවට යන පුද්ගලයෙකුට හදිසියේ ඔහුගේ රැකියාව අහිමි වෙයි. පවුලේ යම් ආර්ථික අපහසුතා ද ඇත. එදින ඔහු සුපුරුදු පරිදි දුම්රියට ගොඩ වූ විට ඔහුට යම් කාන්තාවක මුණ ගැසෙයි. ඇය ඔහුට යම් කාර්‍යයක් කරනවානම් ඩොලර් ලක්ශයක් දීමට පොරොන්දු වෙයි. නමුත් ඒ කාර්‍යනම් සුළුපටු නොවීය. දුම්රියේ යන එක්තරා මඟියෙකු සොයාගෙන එම මඟියාගෙ ගමන් මල්ල තුළට GPS tracker එකක් දැමීමයි කාර්‍යය. චිත්‍රපටය නරඹන ඔබට එහි අසීරු බව වැටහී යයි. චිත්‍රපටයේ එක් තැනක මෙහි ප්‍රධාන නළුවා විසින් මඟීන්ගේ දුම් රිය ටිකට් පරීක්ශා කරන දර්ශනයක් ඇත. එම සිදු වීම කෙතරම් දුරට තාත්විකද යන ප්‍රශ්නය මතු වන්නේ, වයස අවුරුදු හැටක පුද්ගලයෙකු වන ප්‍රධාන චරිතය මඟීන්ගේ ටිකට් එතරම් නිවැරදිව පරීක්ශා කරන්නේ කෙසේද කියා සිතෙන විට ය. කෙසේ නමුත් මෙය සමස්ථ චිත්‍රපටයම දෙස බැලූ විට නොගැණිය හැකි තරමේ අඩු පාඩුවකි. මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ ජනප්‍රිය නළු Liam Neeson ය. චිත්‍රපටය මුල සිට අගටම කුතුහලයෙන් දෑස් දල්වා බලා සිටිය හැකි චිත

12 Strong චිත්‍රපටය

Image
මේ අවුරුද්දේ ආපු ගොඩක් කතාබහට ලක් වෙන චිත්‍රපටයක් තමයි 12 Strong. මේ චිත්‍රපටයට පාදක වන්නේ ඩග් ස්ටැන්ටන් නම් රචකයාගේ හෝර්ස් සොල්ජර්ස් (Horse Soldiers by Doug Stanton) නම් පොතයි. එය ලියවී ඇත්තේ සත්‍යය සිදුවීමක් පාදක කොට ගෙනයි. ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ලවුණු තස්ත්‍රවාදී ප්‍රහාරයෙන් අනතුරුව ඇමරිකානු රජය තීරණය කරනවා තමන්ගේ බට පිරිස් ඇෆ්ගනිස්ථානයට යවා තලයිබාන් ත්‍රස්තයින් විනාශ කරන්න.  මේ සඳහා තෝරා ගැනෙන්නේ සෙබළුන් 12 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක්. මේ දොළොස් දෙනාට ලැබෙන ලොකුම හයිය තමයි ඇෆ්ගනිස්ථානයට ඉහලින් පියාසර කරමින්, බෝම්බ හෙලීමට සූදානමින් සිටින ඇමරිකානු ගුවන් යානා.  මේ දොළොස් දෙනාට ඇෆ්ගනිස්ථානයේ එක්තරා ජෙනරාල් වරයෙකුගේ සහයද ලබා ගැනීමට සිදු වෙනවා. විශේෂම දෙයක් තමයි මේ යුධ භටයින්ට ඇෆ්ගනිස්ථානයේදී සටන් කීරීමට සිදු වන්නේ අශ්වයන් පිට නැග ගොසින්. එමනිසා ඔවුන්ව Horse Soldiers යනුවෙන් හඳුන්වනවා.  යුද්ධයේ බිහිසුණු බව, දහස් ගණනින් වූ තලයිබාන් ත්‍රස්තයින්ට එරෙහිව සටන් කරන සෙබළු දොළොස් දෙනෙකුගේ දැඩි අධිෂ්ඨානය මේ චිත්‍රපටයෙන් පිළිඹිබු වනවා. යුධ චිත්‍රපටි වලට වගේම, සත්‍ය සිදු වීම්

SOME FLOWERS - HUAWEI GR5 2017 PHOTOGRAPHY

Image
These are some closeup photos captured by me from our garden. These photos are taken by Huawei GR5 2017 Camera, wide aperture mode.

වට්ස්ඇප් ස්ටේටස් ආතල්

Image
වට්ස් ඇප් ඉන්න ඕනෙම කෙනෙක් දන්නවනේ වට්ස් ඇප් ස්ටේටස් ගැන. ඉතින් මේ ස්ටේටස් ෆීචර් එක තියෙන්නේ තමන්ගේ එදිනෙදා විශේෂ අවස්ථාවන් තමන්ගේ යාළුවොත් එක්ක බෙදා හදාගන්නයි. පැය 24කට පස්සේ ඒ දාන දේවල් ස්වයංක්‍රීයව ඉවත් වෙනවා. අපේ කට්ටිය ඉතිං ඕකෙනුත් ආතල් ගන්නවා. සමහර ආතල් වල ආතල් එක තේරෙන්නෙත් නෑ. සමහර ආතල් නම් දාන එකාටත් ආතල් බලන් ඉන්න උන්ටත් ආතල්. සමහර ආතල් දාන එකා සිරා පිට දාන ඒවා, හැබැයි අපිට ආතල්. 1. ඩෙයාර්ස් සාමාන්‍යෙන් නිතරම දකින්න ලැබෙන ආතල් එකක් තමයි ඩෙයාර්ස් වලින් ආතල් ගැනීම. 'පුළුවන් නම් කරපිය මේක' කියන එක ටිකක් නිර්මාණාත්මකව සඳහන් කරලා, මොකාක් හරි බහුබූතයක් එවන එක තමයි ඕවයින් කෙරෙන්නෙ. උදා: ඔබ මගේ යාළුවෙක්නම් පෙරේදා රෑට කෑ ආහාරය නම් කර ස්ටේටස් එකක් දමන්න. ඩෙයාර්ස් එවන උන්ට සහ කරන උන්ට එය ආතල්ය. සමහර වෙලාවට බලන් සිටින අයටද ආතල් ය. දමන ලද ස්ටේටස් එකක් ඩෙයාර් එකක් යැයි තේරුම් ගැනීමට බැරි වීම නම් අප්සට් ය, හැබැයි දාපු එකාට ආතල් ය. මේකනම් ඩෙයාර් එකක් යැයි තේරුම් ගත් විට ආතල් කුඩුය. 2. කෑම ස්ටේටස් කොහේ හෝ ලොකු තැනකට ගොස් ලොකු ලොකු කෑම කන අය, තමන් කන කෑම ලෝකෙට පෙන්වීමට හර

දිවි දුක් වලට පරදනු බෑ පිය සෙනෙහේ

Image
දිළිඳු ඔබේ ඉතිරුණු ඔය පිය සෙනෙහේ සිතින් රජු කළා මහ සක්විති රාජ්ජේ දුවනි ඔබේ පිං කර ඇත සමුදුර සේ දිවි දුක් වලට පරදනු බෑ පිය සෙනෙහේ

ගිනිගත් කැකුළ

Image
"හොරැහින් බොහොම නිදි දෙව් ළියට පවා කවුරුන් හෝ සොරකම් කර ඇති සේ යා දෙවියනි ඔබවත් දුටුවද මගේ කිරි කැටියා? මගේ පණ වුවත් ගෙන දෙන්නකෝ මගේ සේයා කොහොමද සිරකලේ ඔබේ පොඩි හුස්ම අරූ මලක මිසක කැකුළක රොන් සොයයිද බඹරු සෙනෙහස ලැබිය යුතු මල් කැකුළකට අරූ ගිනි තැබුවේ කොහොමද රති ගින්නෙන් වියරු? ‘නැහැ සැකයක් සොර මිනිසෙකි අම්මාට’ ‘අප්පා වියරුවෙන් ඇති මේ දේ කරන්නට’ කම් නැත දුවේ අපට මේවා කිව්වාට කඳුළු ගඟට දිය ඇල්ලකි මදිවාට ‘නාකි විසේ ගෙටත් උසේ වී ඇත්දෝ සීයාවත් මේ දෙය කෙරුවාවත්දෝ’ සීයා මගේ දුවට කෙතරම් සෙනෙහස්දෝ කීමටවත් ඔබ යළි නොම එන්නේදෝ කොහොමද ඉන්නේ පස් යට ඇති සීතලට බය නැද්ද දුවේ ඇතුලේ ඇති කළුවරට? වෙනදා වගේ මගේ උණුහුම වෙලන්නට එන්නද අම්මත් එක්කම ඔබ නළවන්ට? සදෙව් ලොවට වී ම ඉඳින් මගේ දුවේ එන්න එපා පිරිහුණු මනු ලොවට අනේ දෙව් මව් තුරුලේ උණුසුම ලබන් දුවේ අපි දුක් ගඟේ ගිලිලා ඔහේ උන්නාවේ එල්ලාපන් යක්ෂයාව මං කිව්වාට රත්තරනේ මට යළි නුඹ ලැබේවිද? පුංචි පොහොට්ටුවකට යලි මෙය නොවන්නට එල්ලාපන් යක්ෂයාව මැරෙන්නට! "

පළමු පෙම - කෙටි කතාව

Image
පළමු පෙම කෙතරම් වෙහෙසකර වුවත් ජීවිත ගමන යා යුතුමය. ඒත් ජීවිත ගමන දෙපයින් යාමට නම් අතේ මිටේ යහමින් මුදල් හදල් තිබිය යුතුය. මුදල් සෙවීමට නම් රස කර කර කෑ යුතු නීරස ‘කට්ට’ ගැන සිහිවන විට නම් ජීවිත ගමන නවතා දැමීමටම සිතේ. සිරිතක් ලෙස දවසට තුන් හතර වතාවක් ඒ එකම සිතිවිලි සයුරේ කිමිදෙන මම එදා සිටියේද සිතිවිලි සයුර පතුලේමය. අවුරුදු දෙක තුනක මේ ඒකාකාරී ජීවිතය පිළිබඳව මහත් වෙහෙසට පත් වී සිටි මම කාර්යාලයේ අවුරුදු දහයක් පහළවක් තිස්සේ සේවය කරනා අයට බෙහෙවින්ම අනුකම්පා කළෙමි. එහෙත් ඔවුන් සෑම දෙනාම තමන් ලෝකයේ සිටින ප්‍රීතිමත්ම සේවකයා බව පෙන්වීමට වෑයම් කළහ. මගේ මේ ඒකාකාරී දිවියේ පාළුව කාන්සිය මකන්නට කෙනෙක් තවමත් මට හමු වී නොතිබිණි. මා සේවය කරන අංශයේ තරුණියන් කිහිප දෙනෙකුම සිටියත් ඔවුන් මට පෙනුනේ උපන් කැත වසා ගන්නට ගොස් තවත් කැත වුනු සක්කරවට්ටම් ලෙසිනි. ලස්සන වන්නට කියා ඔවුන් කරනා විච්චූරණ මට ඇල්ලුවේම නැත. කාර්යාලයේ පිළිවෙලකට ඇඳුමක් හඳින, පිළිවෙලකට කොණ්ඩයක් පීරන කෙල්ලක් බෙහෙතකටවත් සොයා ගැනීමට නැත. ඔවුන් දුටුවිට විවිධාකාර හැඟීම් පහළ වුවත් සිත පහන් කරනා ආදරණීය හැඟීමක් නම් ඇති වන්නේ නැත. මමත් මේ කා

තලපන්!

Image

ගැමුණු හේවායා - කෙටි කතාව

Image
ගැමුණු හේවායා Image Courtesy : wikipedia.org කාවන්තිස්ස රජතුමන්ගේ අභාවප්‍රාප්ත වීමෙන් මුළු රුහුණු දේශයම කැළඹී ගියේය. සියලු දෙන ඒ උතුම්, තැන්පත් මහා පෞරුෂය වෙනුවෙන් කඳුළු සැලූහ. අතරින් පතර කතා බහට ලක් වුයේ කාවන්තිස්ස රජතුමන්ගෙන් පසුව රජ කිරුළ පළන්දන්නේ දුෂ්ඨ ගාමිණී කුමරුවන්ටද නැතහොත් තිස්ස කුමරුවන්ටද කියා ය. තම රට ජාතිය වෙනුවෙන් යුධ වැදීම පිළිබඳව පියතුමන් සමග වාද කර උරණ වූ ගැමුණු කුමරුන්ව බොහෝ දෙනා දුටුවේ නිර්භීත කුමරෙකු ලෙසටයි. කෝප වූ පිය රජතුමන්ගේ දඬුවමට බිය වූ ගැමුණු කුමරු ඒ වන විටත් සැඟවී අප්‍රසිද්ධියේ සිටියේය. තම පියාණන්ට පවා දුෂ්ඨ වූ කොලු ගැටයෙකු කෙසේ නම් රටක් පාලනය කරන්නදැ’යි සිතා තිස්ස කුමරුවන්ට වැඩි මනාපයක් දැක්වූ පිරිස්ද නොසිටියා නොවේ. අවමංගල්‍යය දින රාත්‍රියේ විහාර දේවීන් වහන්සේ නන්දිමිත්‍ර සෙනෙවිතුමන්ව රහසේම හමු වූවාය. “නන්දිමිත්‍ර, මේ තමා කාලය. යන්න... ගිහින් ඔහු කැඳවාගෙන එන්න. ” තම ළය පිරෙන්නට පුරවා ගත් වාතයෙන් සුසුම් හෙලූ සෙනෙවිතුමන් මද සිනා පා දේවින් වහන්සේ වැඳ නික්ම ගියේය. ••• මඩුවේ බැඳ ඇති ගවයා දකින සෑම විටකම හබතාට තමන් යලෙත් මහෙත් කුඹුරු කළ