12 Strong චිත්‍රපටය
මේ අවුරුද්දේ ආපු ගොඩක් කතාබහට ලක් වෙන චිත්‍රපටයක් තමයි 12 Strong. මේ චිත්‍රපටයට පාදක වන්නේ ඩග් ස්ටැන්ටන් නම් රචකයාගේ හෝර්ස් සොල්ජර්ස් (Horse Soldiers by Doug Stanton) නම් පොතයි. එය ලියවී ඇත්තේ සත්‍යය සිදුවීමක් පාදක කොට ගෙනයි. ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ලවුණු තස්ත්‍රවාදී ප්‍රහාරයෙන් අනතුරුව ඇමරිකානු රජය තීරණය කරනවා තමන්ගේ බට පිරිස් ඇෆ්ගනිස්ථානයට යවා තලයිබාන් ත්‍රස්තයින් විනාශ කරන්න. මේ සඳහා තෝරා ගැනෙන්නේ සෙබළුන් 12 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක්. මේ දොළොස් දෙනාට ලැබෙන ලොකුම හයිය තමයි ඇෆ්ගනිස්ථානයට ඉහලින් පියාසර කරමින්, බෝම්බ හෙලීමට සූදානමින් සිටින ඇමරිකානු ගුවන් යානා. මේ දොළොස් දෙනාට ඇෆ්ගනිස්ථානයේ එක්තරා
ජෙනරාල් වරයෙකුගේ සහයද ලබා ගැනීමට සිදු වෙනවා. විශේෂම දෙයක් තමයි මේ යුධ භටයින්ට ඇෆ්ගනිස්ථානයේදී සටන් කීරීමට සිදු වන්නේ අශ්වයන් පිට නැග ගොසින්. එමනිසා ඔවුන්ව Horse Soldiers යනුවෙන් හඳුන්වනවා. යුද්ධයේ බිහිසුණු බව, දහස් ගණනින් වූ තලයිබාන් ත්‍රස්තයින්ට එරෙහිව සටන් කරන සෙබළු දොළොස් දෙනෙකුගේ දැඩි අධිෂ්ඨානය මේ චිත්‍රපටයෙන් පිළිඹිබු වනවා. යුධ චිත්‍රපටි වලට වගේම, සත්‍ය සිදු වීම් ගැන උනන්දු වන ප්‍රේක්ෂකයින්ට මෙය අනර්ග චිත්‍රපටයක් බව කිව හැකිය.
Comments
Post a Comment