Source Code චිත්‍රපටය




මේක ටිකක් පරණ චිත්‍රපටයක්. හැබැයි සිය ප්‍රේක්ශකයින් තුළ මේ චිත්‍රපටය මඟින් ඇති කළ පුදුමය අදටත් ඔවුන් තුළ රැඳී තිබෙනවා.
එක්තරා හමුදා නිලධාරියෙකු හිටි හැටියේ දුම්රි මඟියෙකු ලෙස අවදි වෙනවා. ටික වෙලාවකින් ඔහුට තේරුම් යනවා තමන් සිටින්නේ තමන්ගේ නොව වෙනත් අයෙකුගේ ශරීරය තුළ බව. ඉතිං ඔහු ව්‍යාකූල බවකට පත් වනවා තමන්ට සිද්ධ වී ඇති දෙය ගැන. ටික වෙලාවකට පසුව ඔහු සිටි දුම්රිය බෝම්බ ප්‍රහාරයකින් පුපුරා යනවා. ඉන් අනතුරුව ඔහු අවදිවන්නේ යම් කුටියක ඇති යන්ත්‍රයකට සම්බන්ධ කළ තම ශරීරය තුළදියි. පරිගණක තිරයක් මත ඔහුට දක්නට ලැබෙනවා යම්කිසි හමුදා නිලධාරිනියක ඔහුව පාලනය කරනවා.
චිත්‍රපටයේ යම්කිසි කාල සීමාවකට පසුව සිදු වන දෙය පිළිබඳව ප්‍රේක්ශකයාට අවබෝධ වනවා. ඒ අනුව අපට දක්නට ලැබෙන හමුදා නිලධාරියා ඒ වන විට මිය ගොසින් මාස දෙකකුත් ගත වෙලා. හමුදාවේ එක්තරා කණ්ඩායමක් විද්‍යාත්මක පර්‍යේශණයක් හරහා එම නිලධාරියා යන්ත්‍රයකට සම්බන්ධ කොට ජීවත් කරවනවා. මෙහි ඇති සුවිශේෂ බව වන්නේ, එම යන්ත්‍රය තුළ ජීවත් වන නිලධාරියාට, වෙනත් පුද්ගලයෙකු මිය යෑමට මත්තෙන් ගත කළ අවසන් මිනිත්තු 8ට මාරුවීමේ හැකියාවක් ලැබෙනවා. මෙම විද්‍යාත්මක අත්හදා බැලීමෙහි නම Source code.
ඉතිං මේ හමුදා නිලධාරියාව යොදා ගන්නේ එදින උදෑසන සිදුවූ දුම්‍රිය පිපිරීමෙහි සුලමුල සොයා ගැනීමටයි. ඒ සඳහා හමුදා නිලධාරියාව එම දුම්රියේදී මිය ගිය පුද්ගලයෙකුගේ අවසාන මිනිත්තු 8ට මාරු කෙරෙනවා. චිත්‍රපටය අවසාන වන්නේ එම විද්‍යාඥයන් නොසිතූ මානයකටම මේ පර්‍යේශණය ගොසින්. ඒ වගේම පිපිරීම වළක්වාලන්නටත් මේ හමුදා නිලධාරියාට හැකියාව ලැබෙනවා.
විද්‍යා ප්‍රබන්ධ ගණයට අයත් මේ අනර්ඝ චිත්‍රපටය සිනමා ලෝකයේ ඉහළම තැනක අදටත් වැජඹෙනවා. Sci-Fi චිත්‍රපට ප්‍රියකරන්නන් අතර ඉතාමත් ප්‍රසිද්ධ චිත්‍රපටයක්.


Comments

Popular posts from this blog

වට්ස්ඇප් ස්ටේටස් ආතල්

පළමු පෙම - කෙටි කතාව

හදවත නැවතුණු මොහොතක් - කෙටි කතාව