ගිනිගත් කැකුළ




"හොරැහින් බොහොම නිදි දෙව් ළියට පවා
කවුරුන් හෝ සොරකම් කර ඇති සේ යා
දෙවියනි ඔබවත් දුටුවද මගේ කිරි කැටියා?
මගේ පණ වුවත් ගෙන දෙන්නකෝ මගේ සේයා

කොහොමද සිරකලේ ඔබේ පොඩි හුස්ම අරූ
මලක මිසක කැකුළක රොන් සොයයිද බඹරු
සෙනෙහස ලැබිය යුතු මල් කැකුළකට අරූ
ගිනි තැබුවේ කොහොමද රති ගින්නෙන් වියරු?

‘නැහැ සැකයක් සොර මිනිසෙකි අම්මාට’
‘අප්පා වියරුවෙන් ඇති මේ දේ කරන්නට’
කම් නැත දුවේ අපට මේවා කිව්වාට
කඳුළු ගඟට දිය ඇල්ලකි මදිවාට

‘නාකි විසේ ගෙටත් උසේ වී ඇත්දෝ
සීයාවත් මේ දෙය කෙරුවාවත්දෝ’
සීයා මගේ දුවට කෙතරම් සෙනෙහස්දෝ
කීමටවත් ඔබ යළි නොම එන්නේදෝ

කොහොමද ඉන්නේ පස් යට ඇති සීතලට
බය නැද්ද දුවේ ඇතුලේ ඇති කළුවරට?
වෙනදා වගේ මගේ උණුහුම වෙලන්නට
එන්නද අම්මත් එක්කම ඔබ නළවන්ට?

සදෙව් ලොවට වී ම ඉඳින් මගේ දුවේ
එන්න එපා පිරිහුණු මනු ලොවට අනේ
දෙව් මව් තුරුලේ උණුසුම ලබන් දුවේ
අපි දුක් ගඟේ ගිලිලා ඔහේ උන්නාවේ

එල්ලාපන් යක්ෂයාව මං කිව්වාට
රත්තරනේ මට යළි නුඹ ලැබේවිද?
පුංචි පොහොට්ටුවකට යලි මෙය නොවන්නට
එල්ලාපන් යක්ෂයාව මැරෙන්නට! "



Comments

Popular posts from this blog

වට්ස්ඇප් ස්ටේටස් ආතල්

පළමු පෙම - කෙටි කතාව

හදවත නැවතුණු මොහොතක් - කෙටි කතාව