අග හිඟ කමින් පිරි පුංචි ජීවිත



දෙනෙත් පියවිලි කදුළු වැස්සෙන්
නැහැවිලා නෙත් තෙත් වෙලා
සිප්සලට යන ළමා ළපටින් 
දෙස බලා සුසුමක් හෙලා
උදේ හිස්බඩ-දවල් කෑමට
අහර ඩිංගිත්තක් සොයා
සිගිති පොඩි අත්...

...වැඩබිමේ මහා මිනිසුන් ලෙසින්
ගල් අදියි අත් උදව් දෙයි
තවත් ගෙදරක වළන් පිඟනුත්
සෝදා දමයි - ගෙය අස් කරයි
පාපකාරී නොමිනිසුන්ගේ
රුදුරු කැත සිත සැනසවෙයි
අග හිඟ කමින් පිරි පුංචි ජීවිත
වැනසෙන්න ගෙන හමාරයි...
...ඔවුන්
පහනක් අතින් ගෙන
දල්වාගෙන එළිය දෙන්නට
ගිනි පුලිඟු සොයන්නේ
රාග - දෝස - මෝහ ගින්නෙන්
දැවී අළුවෙන ලෝකයේමය..!



Comments

Popular posts from this blog

වට්ස්ඇප් ස්ටේටස් ආතල්

පළමු පෙම - කෙටි කතාව

කපටියා - කෙටි කතාව