The Commuter චිත්‍රපටය


The Commuter චිත්‍රපටය






මේ අවුරුද්දේ තිරගත වුණු අමුතුම කතාවක් රැගත් චිත්‍රපටයකි The Commuter. දිනපතා දුම්රියෙන් රැකියාවට යන පුද්ගලයෙකුට හදිසියේ ඔහුගේ රැකියාව අහිමි වෙයි. පවුලේ යම් ආර්ථික අපහසුතා ද ඇත. එදින ඔහු සුපුරුදු පරිදි දුම්රියට ගොඩ වූ විට ඔහුට යම් කාන්තාවක මුණ ගැසෙයි. ඇය ඔහුට යම් කාර්‍යයක් කරනවානම් ඩොලර් ලක්ශයක් දීමට පොරොන්දු වෙයි. නමුත් ඒ කාර්‍යනම් සුළුපටු නොවීය. දුම්රියේ යන එක්තරා මඟියෙකු සොයාගෙන එම මඟියාගෙ ගමන් මල්ල තුළට GPS tracker එකක් දැමීමයි කාර්‍යය. චිත්‍රපටය නරඹන ඔබට එහි අසීරු බව වැටහී යයි.
චිත්‍රපටයේ එක් තැනක මෙහි ප්‍රධාන නළුවා විසින් මඟීන්ගේ දුම් රිය ටිකට් පරීක්ශා කරන දර්ශනයක් ඇත. එම සිදු වීම කෙතරම් දුරට තාත්විකද යන ප්‍රශ්නය මතු වන්නේ, වයස අවුරුදු හැටක පුද්ගලයෙකු වන ප්‍රධාන චරිතය මඟීන්ගේ ටිකට් එතරම් නිවැරදිව පරීක්ශා කරන්නේ කෙසේද කියා සිතෙන විට ය. කෙසේ නමුත් මෙය සමස්ථ චිත්‍රපටයම දෙස බැලූ විට නොගැණිය හැකි තරමේ අඩු පාඩුවකි.
මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ ජනප්‍රිය නළු Liam Neeson ය.
චිත්‍රපටය මුල සිට අගටම කුතුහලයෙන් දෑස් දල්වා බලා සිටිය හැකි චිත්‍රපටයකි. කුතුහලයට ආශා කරන ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයකි .




Comments

Popular posts from this blog

වට්ස්ඇප් ස්ටේටස් ආතල්

පළමු පෙම - කෙටි කතාව

හදවත නැවතුණු මොහොතක් - කෙටි කතාව